Information Security & Ethical Hacking Tutorial Part 4 (මොකද්ද මේ ෆේස්බුක් සහ ඊ-මේල් Hacking කියන්නේ?)



මේ දින වල බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් වන Computer Hacking තුල වැඩි දෙනෙකුගේ අවධානව යොමු වන්නේ Facebook Hacking පිළිබඳවය. පරිගණක තාක්ෂණය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති සියලු දෙනා අන්තර්ජාලය හඳුනාගෙන ඇත්තේ Facebook හා Download යන සංකල්පයන් මත පදනම්ව ඇති වූවක් ලෙසය.

මෙම අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් සතුව Facebook ගිණුමක් හා E-mail ගිණුමක් ඇත.මෙහිදී බොහෝ විට Facebook තුල තමාගේ හා තම පවුලේ අයගේ ඡායරූප , වීඩියෝ කොටස් වැනි තොරතුරු ගබඩා කොට ඇත.එමෙන්ම E-mail ගිණුම තුල තම පෞද්ගලික තොරතුරු ඇතුලත් ඊ-මේල් ගබඩා වී ඇත.

මෙහිදී Facebook Hacking හා E-mail Hacking වලදී සිදු වන්නේ ඔබගේ Facebook හා E-mail ගිණුම් වල Password එක පිටස්තර පුද්ගලයෙකු (Computer Hacker) ලබා ගෙන ඒ මගින් ගිණුම් වල ඇතුලත පෞද්ගලික දත්ත හා තොරතුරු අනවසරයෙන් අයුතු ලෙස භාවිත කිරීමයි.

How to protect our passwords from Computer HackerComputer Hackers ලාට බය නොවී අපේ Facebook හා E-mail ගිණුම් වල Password ආරක්ෂා කරගන්නේ මෙන්න මෙහෙමයි....


1. Type URL directly on address bar , Don't use google search link.


ඔබ ෆේස්බුක් හෝ ඊ-මේල් ගිණුම් වලට ලොග් වීමේදී සෑම විටම අදාළ වෙබ් ලිපිනය වෙබ් බ්රව්සරය තුල ඇති ඇඩ්රස් බාර් එකේ ටයිප් කිරීමෙන් පමණක් ඇතුල් වන්න.කිසිඳු අවස්ථාවක ගූගල් වල සර්ච් කිරීමෙන් ලැබෙන ලින්ක් භාවිතයෙන් වෙබ් අඩවි වලට ඇතුලු වීමෙන් වළකින්න.ඒවා ව්‍යාජ වෙබ් අඩවි විය හැක.

2. Be careful when using internet at internet cafe , Library or etc...


ඉන්ටර්නෙට් කැෆේ වලට ගොස් ඔබගේ ෆේස්බුක්,ඊ-මේල්,ස්කයිප් ගිණුම් වලට ලොග් වීමේදී ප්‍රවේසම් වන්න.එම පරිගණක වලට USB key logger, වැනි දේ යොදා තිබිය හැක. 




3. Don't plug unbelievable portable drive such as a pen drive , SD chip into your PC.


විශ්වාස කළ නොහැකි පෙන් ඩ්‍රයිව් මෙමර් කාඩ්ස් වැනි දත්ත ගබඩා කිරීමේ උපකරණ ඔබගේ පරිගනකයට සම්බන්ධ කිරීමෙන් වළකින්න. එම උපකරන වල ඇති රහස්‍ය මෘදුකාංග මගින් ඔබගේ පරිගනකයේ පහත තොරතුරු ස්වයංක්‍රීයව ගබඩා කරගෙන ඒවා භාවිතයෙන් පිටස්තර පුද්ගලයින්ට ඔබගේ පාස්වර්ඩ් ලබා ගත හැකිය.

Ex :

Web browser cookies/cache/saved password
windows update information
search keyword & question
LAN/WLAN network & WiFi passwords
start up programs informations
visited web site history


4. Don't be deceived - Phishing Method
ඉල්ලගෙන කන්න යන්න එපා 


ඔබගේ ඊ-මේල් හා ෆේස්බුක් ගිණුම් වලට මැසේජ් මගින් ලැබෙන ලින්ක් වල කිසි විටක ක්ලික් නොකරන්න.ඒවා මගින් ඔබව ව්‍යාජ වෙබ් අඩවි වලට යොමු කර ඔබගේ පාස්වර්ඩ් ලබා ගත හැකිය.විශේෂයෙන් පහක ආකාරයේ ලින්ක් මගින් මැසේජ් ලැබිය හැක.

You won the Microsoft Lottery with 700$

Dialog වෙතින් ඔබට වටිනා මුදල් ත්‍යාගයක් හිමි වී ඇත.එය ලබා ගැනීමට මෙතන click කරන්න.



Stay tuned with us for learn how to hack passwords

ඊළඟ කතාබහේදී අප බලමු හැක් කරන ක්‍රම ටික..... 





Comments

Post a Comment

Popular posts from this blog

Aveprize

Change Your IP

Ado Crack