Information Security & Ethical Hacking Tutorials (For Educational Purposes only)
Notification for English Users
This is Sinhala language This Language is Use only Sri lanka
But Administration of SHADOW8NET now start English Page of here
වර්තමාන තරඟකාරී ලෝකය තුල ඉකා වේගවත්ව ව්‍යාප්ත වන්නා වූ අධි තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකය නව හැරවුම් ලක්ෂ්‍යයකට ගමන් කරමින් සිටී.මෙම දියුණු තාක්ෂණය තුල ප්‍රධාන සාධකය වන පරිගණක දැනුම නිවැරදිව භාවිතයට අවශ්‍ය දැනුම නොමැති වීමත් හා තාක්ෂණය නිවැරදිව භාවිතා නොකිරීමත් නිසා අද බොහෝ පිරිසක් මෙම තාක්ෂණික ලොව තුල අතරමං වී ඇත.
ඉහත ගැටලු සඳහා මඟ පෙන්වීමක් වශයෙන් නිවැරදිව තාක්ෂණය භාවිතය පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා මෙම විශේෂ ටියුටෝරියල් මාලාව සකස් කරන ලදී. මේ තුලින් පරිගණක විෂය තුල අන්තර්ගත රහස් ක්‍රමවේදයන් අනාවරණය තුලින් දැනට බහුලව සිදුවන පරිගණක අපරාධ අවම කිරීම සඳහා සිසුන් (පරිගනක පිලිබඳ හදාරන සිසුන් විශේෂයි) දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.මෙය විශේෂයෙන් අධ්‍යාපනික දැනුම වැඩි දියුණු කර ගැනීම ඉලක්ක කොට ක්‍රියාත්මක වේ.
computer hacking is the practice of modifying computer hardware and software to accomplish a goal outside of the creator's original purpose. People who engage in computer hacking activities are often called Hackers. Since the word "Hack" has long been used to describe someone who is incompetent at his/her profession, some hackers claim this term is offensive and fails to give appropriate recognition to their skills.
- Victim
- White Hat
- Black Hat
- Cracking
- Hacking
- Phreaks
- Fake Page
- Anonymous
Attitude of Hacker - හැකර් කෙනෙකුගේ ආකල්ප
හැකර්ස්ලා යනු සෑම විටම නිර්මාණාත්මක ආකාරයෙන් ප්‍රශ්න විසඳන පිරිසකි.හැකර් කෙනෙකු ලෙස වැඩ ඇරඹීම ඉතාමත් විනෝදකාමී කාර්යයකි.නමුත් එය එක්තරා ආකාරයක විනෝදයක් පමණි. මොවුන් සිදු කරන කාර්යයන් සඳහා විශාල ශක්තියක් යෙදවිය යුතුය.එමෙන්ම ඔවුන් යොදවන ශක්තිය තුලින්ම ඔවුන්ට විශාල පෙළඹවීමක් ලැබේ.ඉතාමත් බුද්ධිමත් කීවොත් වඩාත් නිවැරදිය.
හැකර්ස්ලා කිසිවටකත් ප්‍රශ්නයක් දෙවතාවක් විසඳනු ලබන්නේ නැත.එනම් ඔවුන් පළමු වතාවේදීම ප්‍රශ්නය විසඳනු ලබයි.මොවුන් සෑම විටම කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා පිරිසකි. කිසිම විටක කාලය අපතේ නොයවයි.
හැකර් කෙනෙකු සෑම විටම බලාපොරොත්තු වන්නේ නිදහසයි.ඔවුන් කිසිවිටකත් අන් අයගේ යටතේ වැඩ කිරීම සිදු නොකරයි.ඔවුන් සිදු කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේ පමණකි.
හැකර්ස්ලා සාමාන්‍යයෙන් ලෝකය ඉදිරියේ ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නැත. ඔවුන් හැඳින්වීම සඳහා විවිධ කේත නාමයන් පමණක් භාවිතා කරයි.
උදා :- HK100101 , Agent002 , 011carter , sat_cr001
හැකර් කෙනෙකු වීමට මෙම ආකල්ප ඔබ තුල වර්ධනය කරගත යුතුය.නමුත් මෙම ආකල්ප මවා ගැනීමෙන් පමණක් ඔබට හැකර් කෙනෙකු වීමට නොහැතිය.ඒ සඳහා ඔබේ බුද්ධිය උපරිමයෙන් භාවිතා කරමින් දැඩි කැපවීමකින් යුක්තව වැඩ කළ යුතුය.
හැකර්ස්ලා සෑම විටම තමන්ගේ ගමන් මාර්ගයේ ගමන් කරමින් තමන්ටම සුවිශේෂී වු අනන්‍යතාවයක් නිර්මාණය කර ගන්නා පිරිසකි. ඔවුන් කම්මැලි වැඩ වලට අකමැති සෑම විටම නිර්මාණශීලිව සිතන පතන පිරිසකි.
දැන් කට්ටිය හිතනවා ඇති අයියෝ මේව නම් මොනාද කියලා. ඒ උනාට උඩින් පල්ලෙන් මේ ලිපි පෙළ කියවලා නම් බෑ හැකර් කෙනෙක් වෙන්න. ඒ හින්දා මුල ඉඳලා පොතක් කියවනවා වගේ කියවලා හොඳින් ධාරණය කරගන්න.
ඊළඟ ලිපිය හැකර් වරු දෙවර්ගය ගැනයි.(White Hat & Red Hat/Black Hat Hacker)

Comments
Post a Comment