අයිෆෝන් 8 Plus වලටත් Note 7 එකට වූ දෙයම සිදුවූ පුවතක්

පල් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් එක වූ අයිෆෝන් 8 නිකුත් වී දින කිහිපයයි. මෙහි තිරය විශාල iPhone 8 Plus එකෙහි යම් දෝශයක් මිලදීගත්පාරිභෝගිකයින් විසින් අන්තර්ජාලය මගින් පෙන්වාදී තිබෙනවා. ඒ බැටරියෙහි ඉදිමීමක් නිසාවෙන් තිරය ඉදිරියට පැනීමයි. මෙහි සත්‍ය අසත්‍ය පිළිබඳව අපට කිවනොහැකි අතර අන්තර්ජාලය සහ සමාජජාල වෙබ් අඩවි වල පහත ඡායාරූප පළකර තිබුණා.



වාර්තාවෙන අන්දමට මෙසේ ඇපල් අයිෆෝන් 8 plus ෆෝන් දෙකක මෙම ප්‍රශ්නය පැනනැගී තිබෙනවා. එකක් තායිවානයේ පුද්ගලයෙකු මිලදී ගෙන දවස් කිහිපයක් බාවිතාකර, බැට්‍රිය ආරෝපණය වීමට plugකර ඇති අවස්ථාවක බ්ටැරිය ඉදිමී ඉදිරිපස display එක ඉදිරියට පැන තිබෙනවා. මෙහිදී බැටරිය ආරෝපණය කිරීම සඳහා ඔරිජිනල් ඩේටා කේබල් එකක් සහ ලැබුණු ඔරිජිනල් චාජරය බාවිතාකර තිබුණු බවද වාර්තා වෙනවා.

අනෙක් iPhone 8 Plus ගැටළුව වාර්තා වෙන්නේ ජපානයෙන්. එහි දී අයිෆෝන් එක මිලදීගෙන Box එක Open කරන අවස්ථාවේදී දැකගැනීමට හැකිවී තිබෙන්නේ ඉදිරිපස පියන ගැලවී ඇති අයුරුයි. එය ඔහු විසින් twitter ගිණුමේpost කර තිබෙනවා. ඡායාරූප බලන්න පහතින්.


https://goo.gl/xuM7tz

Comments

Popular posts from this blog

Aveprize

Change Your IP

Ado Crack